spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වනිඳු සහ ගුණතිලක ගැන හොඳ ආරංචියක්

ආබාධයන්ට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග සහ ධනුෂ්ක ගුණතිලකට සිදුකළ යෝග්‍යතා පරක්ෂණවලදී ඔවුන් දෙදෙනාගේ තත්ත්වය යහපත් බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව අද තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරා ගැනීමේ, තේරීම් සඳහා ඔවුන් දෙදෙනා සුදුසුකම් ලබා ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් අද තරගය සඳහා ක්‍රීඩාකරන ක්‍රීඩකයි 11 දෙනා තවමත් ප්‍රකාශයට පත්කර නොමැති අතර ඒ අනුව අද තරගය සඳහා ඔවුන් දෙදෙනා එක්වීමේ වැඩි ඉඩක් පවතිනවා.

කෙසේ වෙතත් කණ්ඩායම් කළමනාකාරීත්වය සිදුකරන්නේ කුමක්දැයි බැලීම සිත්ගන්නා කරුණක්.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති පළමු එක්දින තරගයේ දී වනිඳු ආබාධයකට ලක් වූ අතර දෙවන තරගයෙන් පසු ධනුෂ්ක ආබාධයකට ලක් වුණා.

ඒ, අනුව වනිඳුට දෙවන සහ තුන්වන එක්දින තරග අහිමි වූ අතර ධනුෂ්කට දෙරට අතර පැවති තුන්වන තරගය අහිමි වී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
69
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?