වනිඳු යළිත් පෙරමුණට – එංගලන්තයෙනුත් ඇරයුමක්

ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල යළිත් වරක් පෙරමුණට පැමිණීමට වනිඳු හසරංගට හැකිව තිබෙනවා.

ඒ, ප්‍රසාද ලකුණු 695ක් ලබා ගනිමින්.

මේ අතර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමවල දෙවන තැන හිමිව ඇත්තේ ඇෆ්ගනිස්ථාන දඟ පන්දු ‍යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් හටයි.

එහිදී රෂීඩ්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 694ක්.

එමෙන්ම වනිඳු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර සිව්වන ස්ථානයේ රැඳී සිටීම ද විශේෂත්වයක්.

මේ අතර එංගලන්තයේ පැවැත්වෙන ද හන්ඩරන්ඩ් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙ මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම විසින් 2023 වර්ෂය සඳහා ක්‍රීඩක වනිඳු රඳවා තබා ගන්නට තීරණය කර තිබෙනවා.

මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම පවුම් 125,000 ක මිලක් ගෙවමින් ඔහුව මෙලෙස රඳවා තබා ගන්නටයි තීරණය කර ඇත්තේ.

මේ අතර 2023 ද හන්ඩරන්ඩ් තරගාවලිය වෙනුවෙන් රඳවා ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වනිඳු වීමද විශේෂත්වයක්.

01 23


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14