වනිඳු ආසියානු කුසලානයේ ඉතිහාසය අලුත් කරයි

විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියක වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලීමේ වාර්තාව හිමිකම් කීමට වනිඳු හසරංග ඊයේ (23) සමත් වුණා.

ඊයේ පාකිස්ථානය එරෙහිව ලබාගත් කඩුලු දෙකත් සමඟින් ඔහු මේ වනවිට විස්සයි විස්ස ආසියානු කුසලාන තරග තුළ කඩුලු 15ක් දවාගෙන තිබෙනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් වනවා.