ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංගට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය අහිමිව යන බව වාර්තා වනවා.
වම් විලුඹේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් ඔහුට මෙවර අයි.පී.එල්. තරගාවලිය අහිමිව යන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
ඒ, අනුව අබාධය සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබාගැනීමට සඳහා වනිඳු ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී වනිඳු හසරංගව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගනු ලැබුවා.













