වන්දනා ගමන් දෙකක අවසානය කාන්තාවකගේ මරණයකින් කෙළෙවර වෙයි

පිරිසක් පටවාගත් අත්ට්‍රැක්ටරයක් සහ පුද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ (03) රාත්‍රියේ සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රත්නපුර – ලෙල්ලෝපිටිය රාහුල විද්‍යාලය අසළ සිදු වූ මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සංඛපාල විහාරය වන්දනා කිරීමට ගොස් සිටි පිරිසක් රැගත් අත්ට්‍රැක්ටරයක, කූරගල විහාරය වන්දනා කිරීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ.

පුද්ගලික බස් රථය අත්ට්‍රැක්ටරයේ ගැටීමෙන් පසු අත්ට්‍රැක්ටරය පෙරළී ගොස් එහි සිටි කාන්තාවක් බස් රථයට යටවීමෙන් ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් මිය ගිය කාන්තාව රත්නපුර, කහංගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක් බවයි වාර්තා වුණේ.

බස් රථයේ රියදුරු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20