spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන්දනා ගමන් දෙකක අවසානය කාන්තාවකගේ මරණයකින් කෙළෙවර වෙයි

පිරිසක් පටවාගත් අත්ට්‍රැක්ටරයක් සහ පුද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ (03) රාත්‍රියේ සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රත්නපුර – ලෙල්ලෝපිටිය රාහුල විද්‍යාලය අසළ සිදු වූ මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සංඛපාල විහාරය වන්දනා කිරීමට ගොස් සිටි පිරිසක් රැගත් අත්ට්‍රැක්ටරයක, කූරගල විහාරය වන්දනා කිරීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ.

පුද්ගලික බස් රථය අත්ට්‍රැක්ටරයේ ගැටීමෙන් පසු අත්ට්‍රැක්ටරය පෙරළී ගොස් එහි සිටි කාන්තාවක් බස් රථයට යටවීමෙන් ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් මිය ගිය කාන්තාව රත්නපුර, කහංගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක් බවයි වාර්තා වුණේ.

බස් රථයේ රියදුරු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
2
+1
10
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?