spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වතු ප්‍රජාව කබලෙන් ළිපට – ජීවත් වන්න සොච්චම් 1000 මදියි

වතු කම්කරු ප්‍රජාව මේ වනවිට මුහුණ දී ඇති දැඩි ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වතුකර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටීමේ දැඩි අවදානමක් මතු ව තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

සමස්ත ලංකා ප්‍රගතිශීලි සේවක සංගමයේ නායක ආචාර්‍ය ඉලංගෝ ගාන්ධි පැවසුවේ; හැටන් හි පිහිටි ඒ නිල කාර්යාලයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වතු ප්‍රජාවට දෛනික ව ලැබෙන වැටුප ආහාර සඳහා හෝ ප්‍රමාණවත් නොවන බවයි ඉලංගෝ මහතා සඳහන් කළේ.

ඇතැම් වතු කම්කරුවන්ට දෛනික වැටුප වන රුපියල් 1000 හෝ සමහර විට නොලැබෙන බවයි වාර්තා වන්නේ.

එවන් තත්ත්වයක් මත වතු කම්කරුවන් බොහෝ දෙනකුට
තම දරුවන් නිසි ලෙස පාසල් යැවීමට නිසි වත්කමක් නොමැති විමෙන් එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතර
මග නතර වන තත්ත්වයක් උදා වී තිබෙනවා.

බොහෝ වතු පාසල්වල දරුවන්ට අවම තරමේ පානීය ජල පහසුකම් හෝ නොමැති බවයි වාර්තා වන්නේ.

මෙවන් තත්ත්වයක් තුළ රට කෙතරම් සංවර්ධනය කළ ද, වතු ප්‍රජාවගේ ජීවිතය සමෘද්ධිමත් නොවන්නේ නම්, රටේ දියුණුවෙන් ඇති ඵලක් නොවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?