වතු ප්‍රජාව කබලෙන් ළිපට – ජීවත් වන්න සොච්චම් 1000 මදියි

වතු කම්කරු ප්‍රජාව මේ වනවිට මුහුණ දී ඇති දැඩි ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වතුකර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටීමේ දැඩි අවදානමක් මතු ව තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

සමස්ත ලංකා ප්‍රගතිශීලි සේවක සංගමයේ නායක ආචාර්‍ය ඉලංගෝ ගාන්ධි පැවසුවේ; හැටන් හි පිහිටි ඒ නිල කාර්යාලයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වතු ප්‍රජාවට දෛනික ව ලැබෙන වැටුප ආහාර සඳහා හෝ ප්‍රමාණවත් නොවන බවයි ඉලංගෝ මහතා සඳහන් කළේ.

ඇතැම් වතු කම්කරුවන්ට දෛනික වැටුප වන රුපියල් 1000 හෝ සමහර විට නොලැබෙන බවයි වාර්තා වන්නේ.

එවන් තත්ත්වයක් මත වතු කම්කරුවන් බොහෝ දෙනකුට
තම දරුවන් නිසි ලෙස පාසල් යැවීමට නිසි වත්කමක් නොමැති විමෙන් එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතර
මග නතර වන තත්ත්වයක් උදා වී තිබෙනවා.

බොහෝ වතු පාසල්වල දරුවන්ට අවම තරමේ පානීය ජල පහසුකම් හෝ නොමැති බවයි වාර්තා වන්නේ.

මෙවන් තත්ත්වයක් තුළ රට කෙතරම් සංවර්ධනය කළ ද, වතු ප්‍රජාවගේ ජීවිතය සමෘද්ධිමත් නොවන්නේ නම්, රටේ දියුණුවෙන් ඇති ඵලක් නොවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32