වතු කම්කරු අවම වැටුප රුපියල් 1700ක් කරන්න පඩි පාලක සභාව තීරණය කරයි

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට පඩි පාලක සභාව අද තීරණය කර තිබෙනවා.

වතු ක්ෂේත්‍රයේ පඩි පාලක සභාව කම්කරු දෙපාර්තමේන්තුවේ දී අද (12) දහවල් රැස්වූ අතර, එහිදී වැටුප් වැඩි කිරීමට අදාළ තීරණය ගනු ලැබුවා.