වතු කම්කරුවන්ට ස්ථිර ලිපිනයක් ලැබෙයි ද?

වතු කම්කරුවන් සඳහා ස්ථිර තැපැල් ලිපින ලබා දීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

වතු කම්කරුවන් සඳහා ස්ථිර තැපැල් ලිපින ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම, මුවන් කන්ද වත්ත ප්‍රදේශයේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී යි මෙම දැනුම් දීම සිදු කෙරුණේ.

මෙම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම සමථයට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව කරුණු සොයා බලන බවයි.

ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා තිබෙන ආකාරයට වතුකම්කරුවන්ට තැපැල් ලිපින නිකුත් කිරීමට තිබෙන ඉඩකඩ පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා කරුණු අධ්‍යයනය කිරීම සිදු කරන බවත් එහි ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම සැප්තැම්බර් මස 13 වනදා කැඳවන ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන් ගෙන සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.

පෙත්සමකරු කියා සිටින්නේ දිවයිනේ පිහිටි වතු 277ක් ආශ්‍රිතව වතු කම්කරුවන් හාර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වාසය කරන බවත් ඔවුන්ට ස්ථිර තැපැල් ලිපින නොමැති වීම නිසා එදිනෙදා කටයුතු කිරීමේදී ඔවුන් දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටින බවයි.

මේ තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් වතු කම්කරුවන් සඳහා ස්ථිර තැපැල් ලිපින නිකුත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන මෙන් ද අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39