වතු කම්කරුවන්ට පර්චස් 10 බැගින් ඉඩම් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක්

පෞද්ගලික වැවිලි සමාගම් සතුව පවතින භාවිතයට නොගන්නා ඉඩම් පොදු අවශ්‍යතා සඳහා පවරා ගැනීමට සකස් කර ඇති නීති කෙටුම්පත කඩිනම් ගෙන ඒමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක්වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඔහුගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

වතු පෞද්ගලීකරණය කිරීමෙන් පසු, ඒවායේ පවතින භාවිතයට නොගත් ඉඩම් පොදු අවශ්‍යතා සඳහා හෝ අත්පත් කර ගත නොහැකි බව සඳහන් කළ සභාපතිවරයා මෙම භාවිතයට නොගත් ඉඩම් ලබාගැනීම සඳහා පනතක් සකස් කිරීමේ වගකීම පසුගිය රජය සමයේ නීතිපති දෙපාර්තමේන්තුවට පැවරු බව සිහිපත් කරනු ලැබුවා. ඒ අනුව කඩිනමින් එම පනත ගෙන ඒමේ අවශ්‍යතාවය පිළිබඳව ද කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා.

මීට අමතරව වතුකරයේ කම්කරුවන්ට පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි ලබාදීම සම්බන්ධයෙන්, වැවිලි කර් මාන්ත අමාත්‍යාංශය, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කමිටුවට දැනුම් දෙනු ලැබුවේ.

වතුකරයේ ආසන්න වශයෙන් 250,000ක් පමණ වන කම්කරු පවුල්වලින් 60,000කට පමණ දැනටමත් ඉඩම් අයිතිය ලබා දී ඇති බව සභාපතිවරයා සඳහන් කළා. ඒ අනුව ඉතිරි පවුල්වලට ඉඩම් අයිතිය තහවුරු කිරීම සඳහා ඉඩම් හෙක්ටයාර් 5000ක් අවශ්‍ය බවයි සභාපතිවරයා පෙන්වා දෙනු ලැබුවේ.

එමෙන්ම රජය සතු වතුකරයේ ඇති ඉඩම්වල විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවසර දෙන ලෙසත් යම් යම් ස්ථානවල පවතින අඩුපාඩු කඩිනමින් සකස් කර දෙන ලෙසත් සභාපතිවරයා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39