spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වතු කම්කරුවන්ට පර්චස් 10 බැගින් ඉඩම් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක්

පෞද්ගලික වැවිලි සමාගම් සතුව පවතින භාවිතයට නොගන්නා ඉඩම් පොදු අවශ්‍යතා සඳහා පවරා ගැනීමට සකස් කර ඇති නීති කෙටුම්පත කඩිනම් ගෙන ඒමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක්වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඔහුගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

වතු පෞද්ගලීකරණය කිරීමෙන් පසු, ඒවායේ පවතින භාවිතයට නොගත් ඉඩම් පොදු අවශ්‍යතා සඳහා හෝ අත්පත් කර ගත නොහැකි බව සඳහන් කළ සභාපතිවරයා මෙම භාවිතයට නොගත් ඉඩම් ලබාගැනීම සඳහා පනතක් සකස් කිරීමේ වගකීම පසුගිය රජය සමයේ නීතිපති දෙපාර්තමේන්තුවට පැවරු බව සිහිපත් කරනු ලැබුවා. ඒ අනුව කඩිනමින් එම පනත ගෙන ඒමේ අවශ්‍යතාවය පිළිබඳව ද කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා.

මීට අමතරව වතුකරයේ කම්කරුවන්ට පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි ලබාදීම සම්බන්ධයෙන්, වැවිලි කර් මාන්ත අමාත්‍යාංශය, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කමිටුවට දැනුම් දෙනු ලැබුවේ.

වතුකරයේ ආසන්න වශයෙන් 250,000ක් පමණ වන කම්කරු පවුල්වලින් 60,000කට පමණ දැනටමත් ඉඩම් අයිතිය ලබා දී ඇති බව සභාපතිවරයා සඳහන් කළා. ඒ අනුව ඉතිරි පවුල්වලට ඉඩම් අයිතිය තහවුරු කිරීම සඳහා ඉඩම් හෙක්ටයාර් 5000ක් අවශ්‍ය බවයි සභාපතිවරයා පෙන්වා දෙනු ලැබුවේ.

එමෙන්ම රජය සතු වතුකරයේ ඇති ඉඩම්වල විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවසර දෙන ලෙසත් යම් යම් ස්ථානවල පවතින අඩුපාඩු කඩිනමින් සකස් කර දෙන ලෙසත් සභාපතිවරයා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?