වතුර වළකට වැටී අවුරුදු තුන හමාරක දරුවා අවසන් ගමන් යයි

වතුර පිරුණු වළකට වැටී කුඩා දරුවෙක් මිය යාමේ අවාසනාවන්ත සිදුවීමක් ගල්නෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවිශ්ක සම්පත් විජේරත්න නැමැති වයස අවුරුදු තුන හමාරක දරුවෙක්.

දරුවා ඊයේ (16) පස්වරුවේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවක නිවස ආසන්නයේ පිහිටි ඉඩමක කපා තිබූ වළකට වැටී තිබෙනවා.

දරුවා නිවසේ නොමැති බවට දැනගත් මව්පියන් විසින් අසල්වැසියන්ගේ ද සහාය ඇතිව සිදුකළ සෝදිසි කිරීම්වල දී වළ තුළ වැටී සිටිය දී දරුවා සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අනතුරුව දරුවා වහාම රෝහල් ගත කිරීමට පියවරගෙන තිබුණත් ඒ වනවිටත් දරුවා මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මිය ගිය දරුවාගේ සිරුර මේ වනවිට නෑගම්පහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

එම දරුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අද (17) එය පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.

දරුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශණ ගල්නෑව පොලිස් ස්ථානය මඟින් මේ වනවිට ආරම්භ කර ඇති බව ‘දසත නිවුස්’ කැකිරාව ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54
Video thumbnail
ජනපති නීතිඥ දිලීප පීරිස්ට එරෙහිව පැමිණිල්ලක් - අපේ පදක්කම් කිලිටි කරගන්න බෑ අපිට
10:27
Video thumbnail
ඩෙංගුව වසංගතය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
03:44
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18