වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 40ක් රෝහලට

බගවන්තලාව බ්‍රඩ්වෙල් වතු යායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

තේ වත්තේ වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසකට අද එල්ල වූ මෙම බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 40 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 34 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු රොහල් ගත කර තිබෙනවා.