වත්මන් ශ්‍රී ලංකාවේ ගමන් මඟ නිවැරදි බව ලෝකය ඉදිරියේ සනාථ වී අවසන් – ජනපති

වත්මන් ශ්‍රී ලංකාවේ ගමන් මඟ නිවැරදි බව මුළු ලෝකයම ඉදිරියේ සනාථ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙම ගමන් මඟේ ඉදිරියට ගොස් යළි සෞභාග්‍ය උදාකර ගැනීමට නිදහස් දිනයේ අදිටන් කරගත යුතු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

විසල් ආර්ථික අර්බුදයකට මුහුණ පා කෙමෙන් නැවත නිවැරදි ඉලක්කයට ගමන් ගන්නා වකවානුවක මෙවර නිදහස් දිනය සමරන බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ.

ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය පුනර්ජීවනය හා නිෂ්පාදන ආර්ථිකයක් කරා වූ ක්‍රියාමාර්ග ගණනාවකට එළැඹෙමින් එම දුෂ්කර කඩඉම් පසු කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා එහි වැඩිදුරටත් දන්වා සිටිනවා.

මෙම අභියෝග ජයගෙන සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමේ අදිටන පෙරදැරිව ආර්ථිකයේ නව හැරවුමක් වන්නට 76 වන ජාතික නිදහස් දිනය සටහන් වනු ඇති බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තම නිදහස් දින පණිවුඩයෙන් ප්‍රකාශ කර ඇත්තේ, නිදහස සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් කැපවීම සමස්ත පුරවැසියාගේ වගකීමක් වන බවයි.

‘නිදහස හා නිවහල් බව’ යනු දිනාගත් පසු නිකම්ම තිබෙන දෙයක් නොව නිරන්තරයෙන් ම ආරක්ෂා කළ යුතු දෙයක් බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18