spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වත්මන් ශ්‍රී ලංකාවේ ගමන් මඟ නිවැරදි බව ලෝකය ඉදිරියේ සනාථ වී අවසන් – ජනපති

වත්මන් ශ්‍රී ලංකාවේ ගමන් මඟ නිවැරදි බව මුළු ලෝකයම ඉදිරියේ සනාථ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙම ගමන් මඟේ ඉදිරියට ගොස් යළි සෞභාග්‍ය උදාකර ගැනීමට නිදහස් දිනයේ අදිටන් කරගත යුතු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

විසල් ආර්ථික අර්බුදයකට මුහුණ පා කෙමෙන් නැවත නිවැරදි ඉලක්කයට ගමන් ගන්නා වකවානුවක මෙවර නිදහස් දිනය සමරන බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ.

ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය පුනර්ජීවනය හා නිෂ්පාදන ආර්ථිකයක් කරා වූ ක්‍රියාමාර්ග ගණනාවකට එළැඹෙමින් එම දුෂ්කර කඩඉම් පසු කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා එහි වැඩිදුරටත් දන්වා සිටිනවා.

මෙම අභියෝග ජයගෙන සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමේ අදිටන පෙරදැරිව ආර්ථිකයේ නව හැරවුමක් වන්නට 76 වන ජාතික නිදහස් දිනය සටහන් වනු ඇති බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තම නිදහස් දින පණිවුඩයෙන් ප්‍රකාශ කර ඇත්තේ, නිදහස සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් කැපවීම සමස්ත පුරවැසියාගේ වගකීමක් වන බවයි.

‘නිදහස හා නිවහල් බව’ යනු දිනාගත් පසු නිකම්ම තිබෙන දෙයක් නොව නිරන්තරයෙන් ම ආරක්ෂා කළ යුතු දෙයක් බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?