වත්මන් පාලනය වසරක් ගතවන විට නීතියට බලයක් ගෙනාවා – නියෝජ්‍ය ඇමති වටගල

නීතියක් පැවතිය ද නීතියට බලයක් නොතිබූ යුගයක් පසුගිය කාලයේ දී පැවති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.

කෙසේ වෙතත් වත්මන් පාලනය යටතේ වසරක් ගතවන විට නීතියට බලයක් දීමට හැකි වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ලෝක පවිත්‍රතා දිනය වෙනුවෙන් මහරගම නගර සභාව මඟින් සංවිධානය කර තිබූ ජයවර්ධනපුර ප්‍රදේශය පවිත්‍රතා කිරීමේ වැඩසටහනට අද එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.