වත්මන් ජනාධිපතිවරයාට ආර්ථික විද්‍යාව ගැන මූලික අවබෝධයක් නැහැ – සජිත්

විට්ස් කාර් රථයක් රුපියල් ලක්ෂ 12ක මුදලකට ලබා දෙන බවට වත්මන් රජයේ මැති ඇමතිවරුන් පසුගිය මැතිවරණ සමයේ පොරොන්දු වුවද අද වන විට වාහන මත අමතර 50%ක බද්දක් පැනවීමට රජය කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙම බදු පැනවීම නිසා වාහනවල මිල ඉහළ නොයන බවට මුදල් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටින බවත්, දැන්වත් මෙම විහිළු සහගත කතා ඉදිරිපත් නොකර ආර්ථිකය විධිමත් ලෙස කළමනාකරණය කරන්නට කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටින්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (16) තිස්සමහාරාම, වීරවිල පන්නෙගමුවේ දියබැදි විහාරයේ දී අංජලීපව්ව රජාමහා විහාරය, පන්නගමුව දියබැදි විහාරය,අකුරුගොඩ ශ්‍රී මංගලාරාම යන විහාරයන්හි විහාරාධිපති ලෙස කටයුතු කරන සිරි සුනන්ද වංශාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මාගම මහානාම ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වාර්තගත ලෙස රුපියල අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශීඝ්‍රගාමී ලෙස පහත වැටෙමින් පවතින බවත් මේ රුපියල අවප්‍රමාණය වීම තුළ අනිවාර්යෙන්ම උද්ධමනය වැඩි වී, සමස්ත ජන ජීවිතය කඩා වැටෙමින් පවතින බවට පෙන්වා දෙන විපක්ෂනායකවරයා පවසා සිටින්නේ, රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනිමට නම් අපනයන ආදායම වර්ධනය කර ගැනීමටත්, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ රටට ලැබෙන විදේශ ප්‍රේෂණ වර්ධනය කර ගැනීම සේම සෘජු විදේශ ආයෝජන වර්ධනය කර ගත යුතු බවයි.

වත්මන් ජනාධිපතිවරයාට, මුදල් ඇමතිවරයාට සහ රජය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ආර්ථික විද්‍යාව ගැන මූලික අවබෝධයක් හෝ දැනුමක් නොමැති බවත් දිනෙන් දින වැරදි ආර්ථික තීන්දු තීරණ ගැනිම නිසා රටේ ජනතාවට විශාල හානියක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15