වත්තල වෙඩි තැබීමට හේතු හෙළිවෙයි

වත්තල, ඇළකන්ද ප්‍රදේශයේ අද (14) සිදු වූ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇති වූ පෞද්ගලික ආරවුලක් මත සිදුකරන ලද්දක් බවට පොලිසිය සැක පළකරනවා.

මෙම වෙඩි තැබීමෙන් මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂය පත් වුණා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.