spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වත්තල – පල්ලියවත්ත මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

එම මුහුදු තීරයට ගොඩගසා තිබිය දී අදාළ මළ සිරුර ඊයේ (18) දහවල් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහු අවුරුදු 65ත් 70ත් අතර උස අඩි 05 අඟල් 05ක් වන තලෙළු සාමාන්‍ය සිරුරකින් යුත් අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම පුද්ගලයා කහ පැහැති අත්කොට කමිසයකින් සහ අළු පැහැති දිග කලිසමකින් සැරසී සිටින බව සඳහන්.

මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?