spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වඩ්වේල්ගෙන් සහතිකයක්

වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නංවා ඔහුන්ගේ යටිතල පහසුකම් නංවාලීමට කටයුතු කරන ඕනෑම නායකයෙකුට හෝ රජයකට, වතුකරයේ ජනතාවගේ ඡන්දය ලබාදීමට තමන් පෙරමුණ ගන්නා බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩ්වේල් සුරේෂ් පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (18) හැටන් නරගයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින්.

වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගතව ඇතත්, ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නංවා යටිතල පහසුකම් නංවාලීමට මෙරට කිසිඳු නායකයෙකු හෝ රජයක් කටයුතු නොකළ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

රටේ ආර්ථික ගැටළුව තවමත් විසඳී නොමැති බවත්, එවැනි අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට වතුකරයේ ජනතාව අකමැති බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

කුමන මැතිවරණයක් පැවැත්වුවත්, තම ජනතාව වෙනුවෙන් කටයුතු කරන ඕනැම අයෙකුට හෝ පක්ෂයකට තම ජනතාවගේ ලක්ෂ 17ක ඡන්ද ලබාදීමට කටයුතු කරන බව ද වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?