වටරැක බන්ධනාගාරයේ ‘සුනීත පාසලේ’ මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය 100%යි

පාදුක්ක, වටරැක බන්ධනාගාරයේ ‘සුනීත පාසලේ’ ඉගෙනුම ලැබූ රැඳවුම් භාරයේ සිටින සිසුන් හයදෙනෙක් ඊයේ (19) නිකුත් වූ
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

රැඳවියන් වෙනුවෙන්ම වෙන් වූ ශ්‍රී ලංකාවේ එකම පාසල වන වටරැක ‘සුනීත පාසලේ’ පිහිටුවා තිබූ විභාග මධ්‍යස්ථානයේ දී මෙම සිසුන් විභාගය සඳහා පෙනී සිට තිබෙනවා.

වටරැක බන්ධනාගාරයේ ඇති මෙම පාසල 2014 වර්ෂයේ දී බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කරල ලද්දක්.



අපගේ නවතම වීඩියෝ පුවත්