වගා හානි සිදු වූ ගොවීන්ට රුපියල් මිලියන 657ක් වන්දි

2021 වසරේ මහ කන්නයේ දී මෙරට බඩඉරිඟු වගාවට බලපෑ සේනා දළඹු හානිය සහ වී වගාවට සිදු වූ හානි සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 657ක් ලබා දීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා.

මීට අමතරව 2021 යල කන්නයේ ගොවීන් පිරිසකට ද සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීම සෙනසුරාදා ආරම්භ කෙරුණේ ත්‍රිකුණාමලයෙන්.

එහි දී ගොවීන් 13 දෙනෙකුට රුපියල් 80,000 බැගින් වන්දි මුදල් ප්‍රදානය කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරුණා.

2021 මහ කන්නයේ දී දිස්ත්‍රික්ක 25 තුළ ගොවීන් 31,613කට වගා හානි සිදු වී තිබු අතර වගා කරන ලද ඉඩම් අක්කර 42,934ක් හානි සිදු වූ බව තහවුරු වී තිබෙනවා.

එම වගා හානි සඳහා අනුමත කරන ලද මුදල රුපියල් මිලියන 657ක්.

එම සම්පූර්ණ මුදලම මේ වනවිට ගොවි ජනතාවට ගෙවා අවසන් කර ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටියේ 2021 සිදු වූ වගා හානි රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හා සමග බැඳී තිබුනත් මේ වනවිට රට තුළ ආර්ථික අර්බුදයක් පැවතිය ද වත්මන් ජනාධිපතිවරයා යටතේ මහා භාණ්ඩාගාරය විසින් ගොවිජන වගා හානි වන්දි සඳහා අවශ්‍ය මුදල් කිසිදු පැකිළිමකින් තොරව ලබා දුන් බවයි.

එමෙන්ම පසුගිය මහ කන්නයේ දී ගොවි ජනතාවගේ අස්වනු අවමවීමක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද අදාළ ගොවි ජනතාවට වන්දි මුදලක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

නමුත් පසුගිය මහ කන්නයේ බන්ඩි පොහොර රජය විසින් ලබා දුන්න ද ඇතැම් ගොවීන් ඒවා වගාවට යොදා නොමැති අතර ඔවුන් යොදා තිබුනේ යුරියා පොහොර පමණක් බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මෙවර යල කන්නයේ දී රසායනික පොහොර වර්ග තුන ම ගොවි ජනතාවට වී හා අනෙකුත් වගාවන් සඳහා ලබා දීමට කටයුතු කර ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09