spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වගා බිමකට ඇතුලු වූ ගවයින් 12ක් හදිසියේ මිය යයි

වව්නියාව පුම්බුහාර් ප්‍රදේශයේ වගා බිමකට ඇතුලු වූ ගවයින් 12 දෙනෙකු එම වගාබිමේම හදිසියේම මිය ගොස් තිබෙනවා.

ඊයේ (19) වව්නියාව පූම්බුහාර් ගම්මානයේ උඳු වගාවක් පැවති භූමියකට ගවයින් රංචුවක් ඇතුලු වීමෙන් අනතුරුව පැය කිහිපයකට පසු අදාල ගවයින් 12 දෙනෙකු එම වගා බිමේම තැනින් තැන වැටී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවත් ගවයින් 10 කට ආසන්න ප්‍රමාණයක් රෝගාතුර වී මේ වන විට බරපතල තත්වයේ සිටින බවටයි ගවයින්ගේ හිමිකරුවන් ප්‍රකාශ කළේ.

ගවයින් වගාබිමට ඇතුලු වූ පසු වගාබිමේ අයිතිකරු කෝපයට පත්ව ගවයින්ට යූරියා පොහොර සමග කෘමිනාශකයක් ජලයට කලවම් කොට ගවයින්ට පානය කිරීමට සැලස්වීමෙන් මෙලෙස ගවයින් මිය ගොස් ඇතැයි සැක පලකරන බව ගවයින්ගේ හිමිකරුවන් පොලීසියට පවසා තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි ඊච්චන්කුලම් පොලීසිය විසින් අදාල ඉඩමේ හිමිකරුගෙන් ප්‍රශ්න කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

මිය ගිය ගවයින් සම්බන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇති අතර ගවයින්ගේ කොටස් පරික්ෂා කිරීමටද පියවර ගෙන ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?