වගා බිමකට ඇතුලු වූ ගවයින් 12ක් හදිසියේ මිය යයි

වව්නියාව පුම්බුහාර් ප්‍රදේශයේ වගා බිමකට ඇතුලු වූ ගවයින් 12 දෙනෙකු එම වගාබිමේම හදිසියේම මිය ගොස් තිබෙනවා.

ඊයේ (19) වව්නියාව පූම්බුහාර් ගම්මානයේ උඳු වගාවක් පැවති භූමියකට ගවයින් රංචුවක් ඇතුලු වීමෙන් අනතුරුව පැය කිහිපයකට පසු අදාල ගවයින් 12 දෙනෙකු එම වගා බිමේම තැනින් තැන වැටී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවත් ගවයින් 10 කට ආසන්න ප්‍රමාණයක් රෝගාතුර වී මේ වන විට බරපතල තත්වයේ සිටින බවටයි ගවයින්ගේ හිමිකරුවන් ප්‍රකාශ කළේ.

ගවයින් වගාබිමට ඇතුලු වූ පසු වගාබිමේ අයිතිකරු කෝපයට පත්ව ගවයින්ට යූරියා පොහොර සමග කෘමිනාශකයක් ජලයට කලවම් කොට ගවයින්ට පානය කිරීමට සැලස්වීමෙන් මෙලෙස ගවයින් මිය ගොස් ඇතැයි සැක පලකරන බව ගවයින්ගේ හිමිකරුවන් පොලීසියට පවසා තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි ඊච්චන්කුලම් පොලීසිය විසින් අදාල ඉඩමේ හිමිකරුගෙන් ප්‍රශ්න කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

මිය ගිය ගවයින් සම්බන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇති අතර ගවයින්ගේ කොටස් පරික්ෂා කිරීමටද පියවර ගෙන ඇතැයි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56