වගාවන්ට හානි කරන සතුන් හය දෙනෙකු ඝාතනය කිරීමට අවසර

වගාවන් විනාශ කරන රිළවුන් සහ වඳුරන් මරා දැමීමට රජය ගොවීන්ට අවසර දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අර්තාපල් බීජ ගොවීන් සමඟ පැවති සාකච්ඡාවකදී ගොවීන් පෙන්වා දී ඇත්තේ රිළවුන් විසින් අර්තාපල් වගා කිරීමට නොහැකි වන ආකාරයෙන් වගාවන් විනාශ කරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා අනාවරණය කළේ වඳුරන් ඇතුළු බෝග විනාශ කරන සතුන් හය දෙනෙකු ශ්‍රී ලංකාවේ ආරක්ෂිත සතුන් ලැයිස්තුවෙන් පසුගියදා ඉවත් කළ බවයි.

ආරක්ෂිත ලේඛනයේ සිටි රිලවා. වඳුරා. ඌරා. ඉත්තෑවා. දඩුලේනා සහ මොණරා යන සතුන් ආරක්ෂිත සතුන් යන ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එබැවින් එම සතුන්ගෙන් ඇති වන උවදුර මැඬලීම සඳහා ඕනෑම ක්‍රියාමාර්ගයක් භාවිතා කිරීමට ගොවීන්ට නිදහස ඇති බව අමාත්‍ය අමරවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

විදේශයන්හි සිදු කරන ලද අධ්‍යයනයන් ඇතුළුව පර්යේෂණ සිදු කිරීමෙන් පසු ගැටලුව විසඳීමට වෙනත් ක්‍රම නොමැති බව ඔප්පු වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

  1. EUROEAN COUNTRIES JAPAN, SCANDENAVIAN COUNTRIES NOT LIKE US AND THEY IMPLEMENTED A FORMAL WAY LONG TIME AGO. JAPAN AND SCANDENAVIAN COUNTRIES LEGALLY ALLOW ONCE ON EVERY 5 YEARS TO KILL WHALES. UK ALLOW TO KILL AND PAY HUNTERS FOR DEAD BODIES OF WILD GHEESE, FOX, WOLVES. FOX AND WOLF SPEREAD RABIES. OTHER GIVE MASSIVE DAMAGE TO CROPS AND THEIR GROVING GENERATION GIVE THREAT TO OTHER WILD CREATURES. SO TO MAITAIN THE BALANCE OF ALL THEY LEAGALLY ALLOW AND PUBLIC IN MEDIA AND OFFER GIFTS.