වගකීම ආණ්ඩුව භාරගත යුතුයි….

ප්‍රතිපත්ති සම්පාදනයේ යම් ප්‍රමාදයක් පවතින්නේනම් ඒ පිළිබඳව වගකීම ආණ්ඩුව ගතයුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්න – ඇමතිතුමාමට දැනගන්න ඕනේ, රටක් අරාජික වුණාම තමයි තෙල් පෝලිම් දිනෙන් දින බඩුමිල ඉහළයාම වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ, දැන් එතකොට ඔබතුමාලා රජයක් විදිහට මැදිහත් වුණත් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබිලා නැහැ, මේකට වගකියන්න ඕනේ 69 ලක්ෂයද, මොකද වැඩිපුරම බැණුම් අහන්නේ 69 ලක්ෂය

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම,

“ඉතාම අමාරු ආර්ථික අවපාතයක අපි සියලුදෙනාම ඉන්න බව රහසක් නෙමෙයි. 69 ලක්ෂයක නියෝජිතයින් විදියට පාර්ලිමේන්තුව ඇතුළේ ඒ පිළිබඳව තියෙන වේදනාව, පීඩනය වැඩිපුරම දැනෙන කණ්ඩායමේ කොටස්කරුවෝ, නියෝජිතයෝ අපි. ප්‍රශ්නයක් නෑ… එහෙම ගැටලුවක් නෑ… කියලා මිනිස්සුන්ට තවත් අපහාස කරන්න කිසිලෙසකින්වත් අපි සුදානම් වෙන්නේ නෑ.

අපි දැක්කා ඊයේ ඔස්ට්‍රේලියාවේ, එංගලන්තයේ විශාල ආහාර පෝලිම්, ඉන්ධන පෝලිම් තියෙන ආකාරය. උදාහරණ ගේන්න නෙමෙයි මම උත්සහ ගත්තේ. අපේ රට තුළ පීඩාකාරී සාධක ඉතාම ඉහළ අගයක් ගන්නා බව සැඟවිය යුතු නෑ. සඟවන්න අපි උත්සහ ගන්නෙත් නෑ. මේ සංවේදීභාවය ගිලිහෙන්න එක් හේතුවක් තමා අපේම දේශපාලනඥයෝ සමහරවිට කැබිනට් මණ්ඩලයේම අය විවිධ සැලසුම් සහගත නොවන ප්‍රකාශ කිරීමත් එක්ක.

දැන් විදුලිය කැපීම සම්බන්ධයෙන් අපේ පාර්ශවවලින් සිදුවු යම් යම් ප්‍රකාශ එක්ක දේශපාලකයාගේ විශ්වසනීයභාවය පිළිබඳව සමාජයට ගැටලුවක් මතුවෙලා තියෙනවා. අපි ගනු ලැබූ තීන්දු පිළිබඳව ඒ තීන්දු ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වීම සම්බන්ධව, ප්‍රතිපත්ති සම්පාදනයේ යම් ප්‍රමාදයක් තියෙනවා නම් ඒ සියල්ලටම වගකීම අපි ගන්නවා. මිනිසුන් පීඩා විඳිනකොට ඒකට ලැජ්ජාවක් නෙමෙයි බරපතළ කනගාටුවක් තියෙනවා. මම ඩීසල් පෝලිමේ ඉඳලා තියෙනවා විනාඩි 30 – 40.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11