වකුගඩු සැත්කමකින් පසු දරුවෙක් මියගිය සිද්ධියට වෛද්‍යවරයෙක් සාක්ෂි දෙයි

මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩුදුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව වයස අවුරුදු තුනක දරුවෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව එම රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු වන විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා.

අදාළ දරුවාගේ මරණ පරීක්ෂණය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී යි වෛද්‍යවරයා විසින් මෙලෙස සාක්ෂි ලබා දුන්නේ.

බොරැල්ල පොලිසියේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ මහතා කියා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කළ තමා 2003 වසරේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සම්බන්ධ වූ බවයි.

මෙම මියගිය දරුවා තමා හමුවට මුලින්ම පැමිණියේ 2021 වසරේදී පමණ බවත් බඩේ ඉදිමුමක් තිබූ බැවින් වෙනත් වෛද්‍යවරයෙකු විසින් මෙම දරුවා තමන් වෙත යොමු කර තිබූ බව සාක්ෂිකාර වෛද්‍යවරයා සඳහන් කළා.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී මෙම දරුවා තමන් පරීක්ෂා කළ අතර පසුව කොළඹ රිජ්වේ ළමා රෝහලේ සායන සඳහා යොමු කෙරුණු බවත් වෛද්‍යවරයා පැවසුවා.

මෙම දරුවා පරීක්ෂණ මාලාවකට ලක් කෙරුණු බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළ අතර එම පරීක්ෂණවලදී අනාවරණය කරගත් කරුණු ද මෙහි දී සාක්ෂි දෙමින් වෛද්‍යවරයා හෙළි කර තිබෙනවා.

එම පරීක්ෂණ වාර්තාවට අනුව දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරීත්වය ඉතා දුර්වල මට්ටමක පැවති බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

එය සියයට 09ක් දක්වා අඩු මට්ටමක පැවති අතර දරුවාගේ දකුණු වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සියයට 91ක් වූ බවත් එම දකුණු වකුගඩුව යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක වූ බවත් වෛද්‍යවරයා සාක්ෂි දෙමින් කියාසිටියා.

මෙම දරුවාගේ වකුගඩු නියමිත ස්ථානයේ පිහිටා තිබූ බව වාර්තා පිරික්සීමේදී අනාවරණය වන බවයි වැඩිදුරටත් වෛද්‍යවරයා සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ.

ඉන් අනතුරුව මෙම වෛද්‍යවරයාගේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සැප්තැම්බර් මස 05 වනදා දක්වා කල් දැමුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38