වකුගඩු සැත්කමක් සිදු කළ දැරියක් මරණයට පත්වීම මිනීමැරුමක් – අධිකරණයේ දී චෝදනා

මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ තුන් හැවිරිදි දැරියක් වකුගඩු සැත්කමකින් අනතුරුව මිය යාමේ සිද්ධිය මිනීමැරුමක් බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය සාධාරණ විමර්ශනයක් පවත්වා නොමැති බවත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අද (21) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මෙම පැමිණිල්ල අද (21) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් මියගිය දැරිය වකුගඩු දෙකක් සහිතව රෝහල්ගත වූ බවත් සැත්කමෙන් පසුව එම වකුගඩු දෙකම ඉවත් කර තිබෙන බව චෝදනා කළා.

මෙම සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරු විදේශයකට පලාගොස් ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා මෙය සම්පූර්ණයෙන්ම මිනීමැරුමක් බවත් කියා සිටියා.

මීට අදාලව තම සේවාදායකයින් පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කළත් පොලිසිය මේ දක්වා විමර්ශනයක් පවත්වා නොමැති බවටත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

මෙහිදී බොරැල්ල ‍පොලිසිය නිලධාරින් අධිකරණයට දන්වා සිටියේ අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන්නේ නම් සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන බවයි.

මෙවැනි විමර්ශනයක් සිදුකිරීම සඳහා අධිකරණ නියෝගය අවශ්‍ය වන්නේ ඇයිදැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට සම්බන්ධ සියලුම පාර්ශවයන් පිලිබදව විමර්ශනයක් සිදු කරන ලෙසත් පොලිසියට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28