වංගුවත් සමග තිබූ මාර්ග බාධකය නොපෙනුණු නිසා සිදු වුණ අනතුර – තිදෙනෙකුට තුවාල

A9 මාර්ගයේ රිය අනතුරක් සිදු ව තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම අනතුර සිදු ව ඇත්තේ ගල්කුලම ඔරලෝසු කණුව පොලිස් මාර්ග බාධකය අසලදී බවයි පැවසෙන්නේ.

ප්‍රමාණයෙන් කුඩා වෑන් රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ත්‍රීරෝද රථයක අද (16) උදෑසන ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.

උදෑසන 6.45 ට පමණ මෙම අනතුර සිදු ව ඇති අතර වෑන් රථය ධාවනය කළ කාන්තාව හා ත්‍රීරෝද රථයේ පැමිණි තිදෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

වංගුවත් සමග ඇති මාර්ග බාධකය එකවර දර්ශනය නොවීමත් සමග රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග බාධකය හරහා පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථයේ ගැටීමෙන් පසු වෑන් රථය මෙලෙස මාර්ගයේ පෙරලී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය
01:45
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
01:45
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට
01:51
Video thumbnail
අදත් කුණු ටිකක් අතේ මාට්ටු..අනේ අදට සමාව දෙන්න කියන්නකෝ සර්..
01:43
Video thumbnail
NSBM දස වසරක ගමනේ රටේ ආර්ථිකයට රු.බිලියන 115.5කට අධික දායකත්වයක්
01:34
Video thumbnail
විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගාස්තුව සිසුන්ට දරාගන්න බෑ - UGC එකට පැමිණිල්ලක්
05:28
Video thumbnail
දිවුලපිටිය කුණු කන්ද සුද්ද කරලා තියෙන්නේ බාගෙට..ඇතුලේ කුණු එහෙම්මයි..රවට්ටන්න විතරක් කරන්න එපා
01:55