spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝලෙවල් මාර්ගයේ කොටසක් සති අන්තයේ වැසේ

කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ (ලෝලෙවල් මාර්ගය) වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය පවසනවා.

ඒ,අනුව හෙට (01) රාත්‍රී 10.00 සිට අනිද්දා (02) පස්වරු 5.00 දක්වා ජල නළ එලීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් එම කොටස වසා තැබෙනු ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

එම කොටස මාර්ගය අවට පදිංචිකරුවන්ට ගමනාගමනය සඳහා සීමිත වේලාවකට අවසර හිමිවනු ඇති බව සඳහන්.

මාර්ග කොටස වසා තැබෙන කාලය තුළ කොළඹ දෙස සිට පැමිණෙන වාහන වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව හරහා ගොතටුව නගරය, කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පැමිණීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම අවිස්සාවේල්ල දෙස සිට පැමිණෙන වාහන කොටිකාවත්ත මංසන්ධියෙන් ගොතටුව නගරය, කොලොන්නාව හරහා වැල්ලම්පිටිය මංසන්ධියෙන් කොළඹ දෙසට ගමන්කළ හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?