ලෝපතල ‘වෛරස් ගාඩ්’ නිර්මාතෘ දිවි නසාගනී

ලෝක ප්‍රසිද්ධ මැකෆී (McAfee) ප්‍රති වෛරස මෘදුකාංගයේ නිර්මාතෘවරයාවන ජෝන් මැකෆී මහතා සියදිවි නසාගෙන මරණයට පත් වී තිබෙනවා.

මැකෆීට විරුද්ධව බදු වංචා චෝදනා එල්ල වී තිබූ අතර ඒ වෙනුවෙන් ඔහු රඳවා තිබූයේ ස්පාඥ්ඥයේ බාසිලෝනා නුවර පිහිටි සිරගෙදරක යි.

ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඔහු අමෙරිකා එක්සත් ජනපදය වෙත යැවීමට ස්පාඥ්ඥ බලධාරීන් සූදානම්ව සිටියා.

කෙසේ වෙතත් ස්පාඥ්ඥයේ පළවන “El País” පුවත්පත වාර්තා කර ඇත්තේ ජෝන් මැකෆී මහතාගේ මළ සිරුර ඔහු රඳවා තිබූ සිර කුටිය තුළ තිබී හමුවූ බවයි.

ඔහු දිවි නසාගෙන ඇති බව ස්පාඥ්ඥ ආරංචි මාර්ග උපුටමින් ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

කැටලෝනියානු අධිකරණ දෙපාර්තමේන්තුව ඒ බව රොයිටර්ස් පුවත් සේවයට තහවුරු කළ බව එම පුවත් සේවය ද ප්‍රකාශ කළා.

මියයන විට මැකෆී මහතා පසු වූයේ 75 වැනි වියේ යි.

බාසිලෝනා ගුවන්තොටුපොලේ දී ඔහු අත්අඩංගුවට පත් වූයේ පසුගිය වසරේ ඔක්තෝබරයේ දීයි.

එතැන් සිටි ඔහු සිරගත කර සිටියා.

ඔහුට එල්ල වී ඇති චෝදනා ඔප්පු වූයේ නම් වසර 30කට වැඩි සිර දඬුවමක් හිමි වීමට තිබුණු බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවාව ප්‍රකාශ කරනවා.

මේ අතර ජෝන් මැකෆී මහතාගේ නීතීඥයින් චෝදනා නගන්නේ කිසිදු හේතුවකින් තොරව ඔහුව දීර්ඝ කාලයක් සිරගත කර තැබීමට හේතු වූ කෘෘර අධිකරණ ක්‍රමය මෙම මරණයට වගකිව යුතු බවට යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36