spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝටස් වටරවුම අවහිර කරමින් විරෝධතාවේ නිරත වූ 21ක් අත්අඩංගුවට

ලෝටස් වටරවුම අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව සිටි පිරිස අතරින් විරෝධතාකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර භික්වෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් 04ක් ද සිටිනවා.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගාලු මුවදොර සිටින උද්ඝෝෂකයින් පිරිසක් විසින් අද (20) උදෑසන මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

මේ හේතුවෙන් ඒ අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබූ බවයි වාර්තා වුණේ.

උද්ඝෝෂණයේ නිරත පිරිස විසින් එම පිවිසුම් මාර්ග අවහිර කරමින් අට්ටාල සවිකර තිබූ අතර එම හේතුවෙන් සේවයට වාර්තා කළ මුදල් අමාත්‍යංශ, ජනාධිපති ලේකම් කාර්යාලය සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට දුෂ්කරතා සඳහා මුහුණදීමට සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?