spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝචනා රස කැවිලි තීක්ෂණගේ සරමේ හංඟලා

රංගන, ගායන හා ක්‍රීඩා අංශයේ තරු පිරිවරාගෙන සියත ටී.වී. අවුරුදු උත්සවය මෙවර සංවිධානය කර තිබුණෙ, වත්තල පෙගාසස් රීෆ් හෝටල පරිශ්‍රයේදීයි. තරු එකතු වුණාම කොහොමටත් ඉතින් රස සාගරයක්නෙ. සියත ටී.වී. මෙවර ගෙන එන ඒ රසබර අවුරුදු උත්සවය පැවැත් වූ විදිය ගැන සහ තරු මුහුණ දුන් රසවත් සිදුවීම් ගැන විස්තර කෙරෙන සටහනකි මේ.

තරු සැණකෙළියක් වූ මෙම අවුරුදු උත්සවය කණ්ඩායම් තුනකින් සමන්විත වුණා. සූර්යා මීන සහ මේෂ යනු ඒ කණ්ඩායම් ත්‍රිත්වයයි. තරු අවුරුදු ක්‍රීඩාවලට සහ තරගවලට සහභාගි වුණේ මෙම කණ්ඩායම් තුනට අදාලවයි. ‘සූර්යා’ කණ්ඩායමේ නායකත්වය දැරුවේ නදීෂා හේමමාලිය. 

මේ ඔක්කෝම තරු එක පොකුරට ගොනු කරගන්න සම්බන්ධීකරණය වගේම ප්‍රමුඛ නිෂ්පාදන දායකත්වය ලබා දුන්නේ සියත ජ්‍යෙෂ්ඨ නිෂ්පාදිකා හංසලී සමරවික්‍රමය. දන්නවනෙ ‘තරු’ ඒකරාශි කරවන එක ලෙහෙසි දෙයක් නෙවෙයි. මොකද එයාලා ඔක්කෝම වගේ බිසි නිසා. කොහොම වුනත් මෙම කණ්ඩායම් තුනේ තරු අතර පැවැතියේ දරුණු විදියෙ තරගකාරිත්වයක් කිව්වොත් හරි. ඒ තරමටම තරගය දිනීමේ උද්යෝගයක් තමයි හැමෝටම තිබුණෙ, 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?