ලෝක සෞඛ්‍ය සංවිධානය යලිත් වැඩ වරද්දා ගනියි

කොවිඩ් 19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය සුළු කොට තැකිය යුතු නොවන බවත් එම ප්‍රභේදය ලොව පුරා මිනිසුන් මරණයට පත් කරමින් සිටින අතර එය මෘදු ප්‍රභේදයක් ලෙස බැහැර නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටිනවා.

නව ප්‍රභේදය ආසාදනය වන වාර්තාගත පුද්ගලයින් සංඛ්‍යාව අනුව සහ එය ඉතා වේගයෙන් ලොව රටවල් රැසක ව්‍යාප්තවෙමින් පවතින බැවින් මිට පෙර දරුණු ප්‍රභේදයක් වූ ඩෙල්ටා ප්‍රභේදය සම්පුර්ණයෙන්ම යටපත් කරමින් ඉදිරියට එමින් තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus සඳහන් කර සිටින්නේ.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තියත් සමග බොහෝ රටවල රෝහල්වල ධාරිතාවය ඉක්මවා යමින් තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කර සිටියේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ඉකුත් සතියේ ගෝලීයව කොවිඩ් ආසාදිතයින් මිලියන 9.5ක් වාර්තා වී ඇති අතර එය ඊට පෙර සතියට සාපේක්ෂව සීයයට 71කින් ඉහළ ගොස් ඇත.

ඩෙල්ටා ප්‍රභේදය හා සසඳන විට ඕමික්‍රෝන් ප්‍රභේදයේ දරුණු භාවය අවම බවක් පෙනුනත් එය සුළු බලපෑමක් ඇතිවන බව සැළකීම අනතුරුදායක බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ.

ඉකුත් නොවැම්බර් මාසයේ දී දකුණු අප්‍රිකාවෙන් පළමු වරට ඔමික්‍රෝන් ප්‍රභේදය වාර්තා වූ විට ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ මෙම ප්‍රභේදය දරුණු නොවන ගණයේ එකක් වනු ඇත බවයි. එමෙන්ම අප්‍රිකානු රටවල් ඉලක්ක කරගෙන ලොව ඇතැම් රටවල් විසින් පැනවූ ගුවන් ගමන් තහනම ඉවත් කළ යුතු බවට ද ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14