විවිධ රටවලින් විවිධ කොරෝනා ප්‍රභේද හමු වී ඇති නමුත් ඒ අතරින් බිය විය යුතු වන්නේත් අවධානය යොමුකළ යුතු වන්නේත් ඉන්දියාවෙන් හමුවුණු ”කොවිඩ් ඩෙල්ටා” විකෘති ප්‍රභේදයට පමණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා
ලොව නොයෙක් රටවලින් හඳුනාගත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් ග්‍රීක අකුරුවලින් යළි නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මිට පෙර පියවර ගැනුණා
එක්සත් රාජධානියෙන් මුල්වරට හඳුනාගත් වෛරස ප්‍රභේදය “ඇල්ෆා” ලෙස ද දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරස ප්‍රභේදය “බීටා” ලෙසද, ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් ප්‍රභේදය “ඩෙල්ටා” ලෙසයි නම් කෙරුණේ










