ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා සම්බන්ධව සුබ ආරංචියක් ගෙනෙයි

මෙම කොරෝනා වශංගතය පැමිණිදා සිට මේ දක්වා ලොවට අහිමි වු ජිවිත විශාල ප්‍රමාණයක් නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩනම් ගෙබිරයේසස් ප්‍රකාශ කලේ මෙම ගෙවුණු සතියේ ලොව පුරා කොරෝනා මරණ වාර්තා වීම සියයට 10කින් සහ ආසාදිතයින් වාර්තා වීම සියයට 16කින් අඩු වී ඇති බවයි.

අග්නිදිග ආසියානු කලාපයේ ආසාදිතයින් වාර්තා වීම සියයට 13කින් සහ ඇමරිකානු කලාපයේ ආසාදිතයින් වාර්තා වීම සියයට 16කින් අඩු වී ඇති බව වාර්තාවේ.එමෙන්ම අප්‍රිකානු සහ බටහිර පැසිෆික් කලාපයේ ආසාදිතයින් වාර්තා වීම සියයට 20කින් අඩු වී ඇත.ලොව පුරා කොරෝනා ආසාදිතයින් එකොලොස් කෝටි 15,714ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 24 ලක්ෂ 28,087ක් ලෙසයි.ගෙවුණු සතියේ සියයට 16කින් යුරෝපා කලාපයේ ආසාදිතයින් වාර්තා වීම අඩු වී ඇති අතර නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ පමණක් රෝගීන් වාර්තා වීම සියයට 7ක වැඩිවීමක් පෙන්නුම් කර ඇත.