ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලංකාවට සම්මානයක් දෙන්න යන්නේ – සෞඛ්‍ය ඇමති කියයි

අයවැය ප්‍රතිපාදනවලට අමතරව කොවිඩ් පාලනය සදහා ගෙවුණු වසර එකහමාර තුල සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 181 ක් වැය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

අසීරුම වකවානුවක මෙවැනි විශාල මුදලක් රටෙහි සෞඛ්‍ය පද්ධතියට වැය කිරිම රටක රජයක් ගත් ඉහළම සාධනීය පියවරක් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ වන විට බූස්ටර් එන්නත ලබාදෙමින් එන්නත්කරණය අතින් ලොව සිව්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පැවසූ අමාත්‍යවරයා, බූස්ටර් එන්නත සදහා ලක්ෂ 145 ක එන්නත් තොගයක් අවශ්‍ය කරන බවත්, ඉන් විශාල ප්‍රමාණයක් මේ වන විටත් රටට ගෙන්වීමට පියවර ගෙන ඇති බවද ප්‍රකාශ කර සිටියා.

ඉදිරි මාස දෙක තුල එම එන්නත් සියල්ල ගෙන්වීමට පියවර ගන්නා බවද විශේෂයෙන් ඉදිරි සති කිහිපය තුළ බූස්ටර් එන්නත වැඩි වශයෙන් ජනතාවට ලබාදීමට පියවර ගැනෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ වෛරසය ආසාදිතයින් නිවෙස් තුල රඳවා ප්‍රතිකාර සේවාවන් දියත් කිරීමේ ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක් කරමින් සහ එම වැඩපිළීවෙල ලෝකයේම ප්‍රචලිත කළ යුතු බව පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරටට සම්මානයක් ලබාදීමට සුදානමින් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

වෛරසය ආසාදිතයින් එක්ලක්ෂ දාහතරදහසක් නිවෙස් තුල රඳවා ප්‍රතිකාර සේවාවන් දියත් කළ බවත්,ඉන් අහිමි වුයේ එක් මිනිස් ජිවිතයක් පමණක් බවත් පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරයා එම පිරිසෙන් 1400 ක් පමණක් රෝහල් ප්‍රතිකාර සදහා යොමු කිරීමට සිදු වූ බවද අවධාරණය කළේ.

මෙම ක්‍රමවේදය නිසා ඉන්දියාවේ වැනි තත්ත්වයක් ඇති නොවු බවත්, එම ක්‍රමවේදය ලොව පුරා ප්‍රසාදයට ලක්විය යුතු කරුණක් බවත් අමාත්‍යවරයා කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19