ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

කොවිඩ් වසංගතය තවමත් අවසන් වී නොමැති බවත්  තවත් නව ප්‍රභේද අපේක්ෂා කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඔමික්‍රොන් ව්‍යාප්තියත් සමග කොවිඩ් වසංගතයේ සැර බාල වෙමින් පවතින බවත්, ලෝක ජනගහනයෙන් සියයට 70 කට වඩා පූර්ණ එන්නත්කරණය කළහොත්, මෙම 2022 වසර අවසන් වෙද්දී වසංගතය අවසන් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
      
ලෝක ජනගහනයෙන් සියයට 70 කට එන්නත් ලබා දී සම්පූර්ණ කිරීමට නම්, ලොව සෑම රටක්ම එක්ව කටයුතු කළ යුතු බව එම සංවිධානයේ ප්‍රධානි  වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්නොම් ගේබ්‍රියෙසස් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් පවසන්නේ කොවිඩ් වෛරසය පරිණාමය වී තවත් ප්‍රභේද අපේක්ෂා කළ හැකි බවය. 

අප මේ වන විට වසංගතයේ අවසානයේ නොසිටින බව සියලුදෙනා තේරුම්ගත යුතු වන බව ඇය වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ අතර, ඔස්ට්‍රේලියානු රජයේ කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වූ නියෝගයන්ට එරෙහි විරෝධතා උත්සන්න වී තිබේ.

අගනගරය වන කැන්බරා වෙත රැස්වූ විරෝධතාකරුවන් මාර්ග අවහිර කරමින් ජන ජීවිතයට බාධා එල්ලකරමින් කලහකාරී ලෙස ක්‍රියාකළ බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කළේය.

ඔස්ට්‍රේලියා  පුරවැසියන් සහ එරට පදිංචිකරුවන් කොවිඩ් වෛරසයට එරෙහිව පූර්ණ එන්නත්කරණය ලැබූවන් ලෙස සැලකෙනුයේ බූස්ටර් එන්නත් මාත්‍රාව ද ලබාගතහොත් පමණක් බව එරට රජය පසුගියදා ප්‍රකාශයට පත්කළේය.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ කොවිඩ් මර්දන එන්නතේ දෙවන එන්නත් මාත්‍රාව ලබා මාස 6 ක් ඇතුළත බූස්ටර් එන්නත ලබා නොගතහොත් ඔහු එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයෙකු ලෙස සැළකෙන බවය.

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහණයෙන් සියයට 94 ක් එන්නත් මාත්‍රා 2 ම ලබා ඇති අතර බූස්ටර් මාත්‍රාව ලැබූ සංඛ්‍යාව මිලියන 10 කට ආසන්න වේ.

කෙසේ නමුත් එන්නත් මාත්‍රා 2 ක් ලැබූ විදේශ සංචාරකයින් සඳහා ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ලබන 21 වනදා සිට විවෘත කිරීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04