ලෝක සංචාරක රූ රැජින කිරුළ ලංකාවට

ලෝක සංචාරක රූ රැජන 2021 (World of world tourism) තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ නලීෂා බානු ඊයේ (28 වැනිදා) සමත් විය.

මෙවර එම තරගාවලිය පැවැත්වූයේ පිලිපීනයේ වන අතර රටවල් 30ක තරගකාරිනියන් අතරින් 22 හැවිරිදි ඇය මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත.

එහිදී දෙවැනි ස්ථානය ඉක්වදෝරයට හා තෙවන ස්ථානය කැනඩාවට හිමි විය.

මීට පෙර ලෝක සංචාරක රූ රැජන තරගාවලියෙන් තුන් වන ස්ථානයක් ශ්‍රී ලංකාව ලබාගෙන තිබුණද ප්‍රථම ස්ථානය දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

කිරුළට අමතරව miss popular සහ miss talent යන ඉසව් ද්විත්වයෙන්ද නිලීෂා බානු ජයග්‍රහණය කර ඇත. Miss talent ඉසව්වෙන් ඇයට ජයග්‍රහණය හිමිව ඇත්තේ අංගම්පොර හා ගින්දර එකතුව සිදුකළ රඟදැක්වීමකිනි.

තරගාවලිය මාර්ගගතව රටවල් කිහිපයක විකාශනය කෙරුණු අතර ලංකාවේ වේලාවෙන් ඊයේ ඊයේ (28 වැනිදා) උදෑසන 10.30ට පමණ ඇයට කිරුළ හිමිවිය. ඇයගේ පුහුණුකරු වන්නේ රුක්මල් සේනානායකය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06