ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියෙන් බංගලින් දොට්ට – කරට කර උණුසුම් තරග පෙළක් ඉදිරියේ දී

2023-2025 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ බංග්ලාදේශයට යන එනමං නැති කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි 06 දෙනාගේ කාණ්ඩයට එක් ව තිබෙනවා.

ඒ අද (31) ජයග්‍රහණයකින් දකුණු අප්‍රිකාව බංග්ලාදේශය පරදවා ලැබූ ඉනිමකින් සහ ලකුණු 273ක දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් සමගයි.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන වෙනස් වී ඇති අතර බංග්ලාදේශයට ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට තිබූ අවසන් බලාපොරොත්තුව ද බිඳී යනවා.

බංග්ලාදේශයට සිය ස්ථානය අහිමි කළ දකුණු අප්‍රිකානුවන්ට ඉහළින් ම ඉන්දියාවත්, දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවත් පසුවන අතර ශ්‍රී ලංකාව සහ නවසීලන්තය පිළිවෙළින් ඉන් අනතුරුව සිටිනවා.

එබැවින් මෙවර ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ කරට කර තීව්‍ර සටනක් ඉදිරියේ දී දැකගත හැකි වනු ඇති.

ඉදිරියේ දී ඉන්දියාවට ඔස්ට්‍රෙලියාව සමගත්, ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාව සමගත් ටෙස්ට් තරගාවලියකට මුහුණදීමට තිබෙනවා.

එමෙන්ම මෙම තරග ප්‍රතිඵල සඳහා එංගලන්ත – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ද විශාල බලපෑමක් එක් කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46