ලෝක වෙළෙඳ සංවිධානයේ ශ්‍රී ලංකාවේ 05 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය සාර්ථකව අවසන්

විනිවිදභාවයෙන් යුත් වෙළෙඳ ප්‍රතිපත්ති, බහුපාර්ශ්වික සහයෝගීතාව සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා වන තම කැපවීම නැවත තහවුරු කරමින් ලෝක වෙළෙඳ සංවිධානයේ ශ්‍රී ලංකාවේ 05 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ (17) දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී සාර්ථකව අවසන් කළා.

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ ප්‍රතිසංස්කරණ අභිප්‍රායන් හඳුනාගත් ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයින්ගේ පුළුල් සහභාගීත්වයක් මෙම සමාප්ති සැසියට දක්නට ලැබුණා.

සමාප්ති අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයින්ගේ ඵලදායී සහභාගීත්වය සහ සමාලෝචන ක්‍රියාවලිය පුරා ලැබුණු සහයෝගය අගය කළා.

රටේ පුළුල් සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන තීරුබදු සරල කිරීම, වෙළෙඳ පහසුකම් සැපයීම, ආයෝජන විනිවිදභාවය සහ අපනයන විවිධාංගීකරණය කෙරෙහි අවධානය යොමු කළ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඔහු අවධාරණය කර සිටියා.

සරල බව, විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව අරමුණු කරගත් ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළ බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.

2027 වන විට 95% ක අනුකූලතාවයකට ළඟා වීමේ ඉලක්කයක් සහිතව වෙළෙඳ පහසුකම් ගිවිසුම ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීමට දරන උත්සාහයන් ඔහු ඉස්මතු කළා.

වැදගත් වෙළෙඳ යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම සඳහා හවුල්කරුවන්ගෙන් තවදුරටත් සහාය අපේක්ෂා කරමින්, ශ්‍රී ලංකා රේගුවේ අඛණ්ඩ ඩිජිටල් පරිවර්තනය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී විස්තර කරනු ලැබුවා.

සාකච්ඡා පිළිබඳව මෙනෙහි කරමින්, සාකච්ඡාකරු ලෙස කටයුතු කරන ලෝක වෙළෙඳ සංවිධානයේ කාම්බෝජයේ තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අගය කළා.

වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය පුරාවටම, ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ පැරා-තීරුබදු සිට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හි තරඟකාරිත්වය, ආහාර සුරක්ෂිතතාව සහ පුනර්ජනනීය බලශක්තිය දක්වා වූ කරුණු පිළිබඳව ප්‍රශ්න ඉදිරිපත් කරනු ලැබුවා.

වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයේ සභාපති, තානාපති Zhanar Aitzhanova Torebayev, ශ්‍රී ලංකාවේ අවංක ප්‍රවේශය පිළිගත් අතර, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන ක්‍රියාවලියට සහාය දැක්වීමේදී මෙම සමාලෝචනයේ කාර්යභාරය අවධාරණය කළා.

බහුපාර්ශ්විකත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ විශ්වාසය දැඩි ලෙස තහවුරු කරමින් වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය අවසන් වූ අතර හඬ, සාධාරණත්වය සහ සහයෝගීතාවය සඳහා වේදිකාවක් ලෙස ලෝක වෙළෙඳ සංවිධානය දකින බව අමාත්‍ය වසන්ත සමරසිංහ නැවත තහවුරු කර සිටියා.

“මෙම ප්‍රතිසංස්කරණ අපගේ වගකීමක් පමණක් නොවේ – එය වඩා හොඳ අනාගතයක් සඳහා අපගේ මාවතයි,” යන්න සඳහන් කරමින් අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම අවසන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46