ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

චීනය විසින් එක්සත් ජනපදයෙන් ඉන්ධන මිලදී ගැනීමට අදහස් කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසු ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව ලෝක වෙළඳපොළේ ඇමරිකාව විසින් සපයනු ලබන WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.33% කින් ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට එම වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 102.5ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද 1.27කින් ඉහළ ගොස් ඇති අතර, එම වර්ගයේ බොර තෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 107ක් ලෙසයි.

ඇමරිකානු ඩොලර් 104.70ක් ලෙස මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted