ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක ඇතුලු පිරිසක් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ සමාජ තත්වය පිළිබඳව බෙහෙවින් සතුටු වන අතර ජනාධිපතිවරයා ජනතාවගේ ජීවිතය නගාසිටුවීමට ගෙන ඇති සාධනීය පියවර පැසසුමට ලක්වන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා මාලදිවයින් සහ නේපාල් අධ්‍යක්ෂක ෆාරිස් හැඩාඩ් සර්වස් (faris hadad zervos) මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අද (21) යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීයි.

උතුරු පළාතේ අධ්‍යාපනික, සෞඛ්‍ය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහය ලබාදෙන බවත් යුදමය වාතාවරණයෙන් පසුව ජනතාව නැවත පදිංචි වී ජීවිත සාමාන්‍ය තත්වයට පත්කරමින් සාමකාමීව ගත කිරීම පිළිබඳව තමා බෙහෙවින් සතුටට පත්වන බවයි ෆාරිස් හැඩාඩ් සර්වස් මහතා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ.

පළාතේ වත්මන් තත්වය පිලිබඳ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාලස් මහත්මිය ලෝක බැංකුවේ නියෝජිතයින්ට පෙන්වා දුන් අතර මෙම පළාතේ අධ්‍යාපනය, ස්වයං රැකියා, යටිතල පහසුකම් සහ රැකී රක්ෂා සංවර්ධනයට ලෝක බැංකුවේ සහාය ලබාදෙන ලෙසටයි ආණ්ඩුකාරවරිය එම නියෝජතයින්ගෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව ඉදිරියේදී වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම,මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රික්වල ජනතාවගේ ජන ජීවිතය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ලෝකු බැංකුවේ පූර්ණ සහය ලබාදෙන බව නියෝජිතයන් ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14