spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක ඇතුලු පිරිසක් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ සමාජ තත්වය පිළිබඳව බෙහෙවින් සතුටු වන අතර ජනාධිපතිවරයා ජනතාවගේ ජීවිතය නගාසිටුවීමට ගෙන ඇති සාධනීය පියවර පැසසුමට ලක්වන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා මාලදිවයින් සහ නේපාල් අධ්‍යක්ෂක ෆාරිස් හැඩාඩ් සර්වස් (faris hadad zervos) මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අද (21) යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීයි.

උතුරු පළාතේ අධ්‍යාපනික, සෞඛ්‍ය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහය ලබාදෙන බවත් යුදමය වාතාවරණයෙන් පසුව ජනතාව නැවත පදිංචි වී ජීවිත සාමාන්‍ය තත්වයට පත්කරමින් සාමකාමීව ගත කිරීම පිළිබඳව තමා බෙහෙවින් සතුටට පත්වන බවයි ෆාරිස් හැඩාඩ් සර්වස් මහතා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ.

පළාතේ වත්මන් තත්වය පිලිබඳ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාලස් මහත්මිය ලෝක බැංකුවේ නියෝජිතයින්ට පෙන්වා දුන් අතර මෙම පළාතේ අධ්‍යාපනය, ස්වයං රැකියා, යටිතල පහසුකම් සහ රැකී රක්ෂා සංවර්ධනයට ලෝක බැංකුවේ සහාය ලබාදෙන ලෙසටයි ආණ්ඩුකාරවරිය එම නියෝජතයින්ගෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව ඉදිරියේදී වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම,මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රික්වල ජනතාවගේ ජන ජීවිතය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ලෝකු බැංකුවේ පූර්ණ සහය ලබාදෙන බව නියෝජිතයන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?