ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක්

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ කළමනාකාරීත්වය එකඟතාව පළ කර තිබෙනවා.

ඉදිරි වසර දෙකක කාලය සඳහා මෙම මුදල ලබා දීමටයි එකඟතාව ප;පළවී ඇත්තේ.

එම මූල්‍ය ප්‍රදානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇතිකර ගෙන තිබෙන ගනුදෙනුව අවසන් වූ වහාම ලබාදීමට නියමිතයි.

පියවර කිහිපයක් යටතේ මූල්‍ය ප්‍රදානය සිදුකරන බව ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණපා තිබෙන දැඩි ආර්ථික අවපාතය අවම කර ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා.

මේ අතර පොලී අනුපාතික ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්වුණා.

එලෙස පොලී අනුපාතික ඉහළ දැමීම උද්ධමනය වඩාත් කඩිනමින් සහ ස්ථිරව තනි ඉලක්කමක ඉලක්කය කරා අඩු කිරීමට ඇති කැපවීම එමඟින් පෙන්නුම් කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.

මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දැමීම සිදු කළේ ඊයේ දිනයේදීයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 15.50ක් දක්වා ඉහළ යනු ඇති. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 16.5 ක් දක්වා වැඩිකර ඇති බවයි මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34