ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

මෙරට සංචාරයක නිරත ලෝක බාලදක්ෂ ව්‍යාපාර සංවිධානයේ (WOSM) ආසියා-පැසිෆික් කලාපීය (APR) බාලදක්ෂ කමිටුවේ සභාපති ආචාර්ය එම්. සින් බින් බිඩින් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ අතර හමුවක් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

කලාපීය බාලදක්ෂ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙරට සංචාරයක නිරත මෙම නියෝජිත පිරිස සමඟ, ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයේ අඛණ්ඩ සංවර්ධනය, එය ග්‍රාමීය මට්ටම දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක “රටම එකට” ජාතික වැඩසටහන සඳහා, විදේශීය අත්දැකීම් හා සාර්ථක භාවිතයන් හුවමාරු කරගනිමින් බාලදක්ෂ ව්‍යාපාරයේ පූර්ණ සහාය ලබාදෙන බවත්, ඒ සඳහා වන සැලසුම් ඉදිරියේ දී ඉදිරිපත් කරන බවත් ආසියා පැසිෆික් කලාපීය නියෝජිත පිරිස මෙහිදී සහතික වුණා.

එමෙන්ම 2027 වසරේ පෙබරවාරි මස ආසියා පැසිෆික් බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමටත්, ඒ සඳහා රජයේ සහාය ලබාදීම සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49