ලෝක බලවතා තේරීමේ සටන අතරතුර දී සුවිශේෂී නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරේ

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අද (05) දවසේ දී සුවිශේෂී නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අමෙරිකානු එක්සත් ජනපද ප්‍රාන්ත 50න් ප්‍රාන්ත ද්විත්වයක් වන ශාන්ත ලුවී සහ ටෙක්සාස් මැතිවරණ ඡන්ද මධ්‍යස්ථාන වෙත මැතිවරණ නිරීක්ෂකයින් යැවීම සම්බන්ධයෙනුයි අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

47 වැනි විධායක අමෙරිකානු ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී ඇත්තේ ප්‍රාන්ත 50ක් සහ එක් ෆෙඩරල් (සන්ධීය) රාජ්‍යයක් කේන්ද්‍ර කරගනිමින්.

මෙවර දෙවැනි වරටත් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් අතරයි කරට කර උණුසුම් මැතිවරණ තරගයක් පැවැත්වෙන්නේ.

ශාන්ත ලුවී සහ ටෙක්සාස් ප්‍රාන්තහි සිටින රිපබ්ලිකානු රාජ්‍ය නිලධාරීන් විසින් සිය ප්‍රාන්තයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන වෙත මැතිවරණ නිරීක්ෂකයින් පැමිණෙනවාට විරුද්ධව මීට පෙර පෙත්සමක් ගොනු කර තිබුණේ අධිකරණ දෙපාර්තමේන්තුවටයි.

එම පෙත්සම අද දිනයේ දී සලකා බලමින් අධිකරණ දෙපාර්තමේන්තු ෆෙඩරල් විනිසුවරුවරියක් වන සාරා පිට්ලික් විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

මිසූරි හි රිපබ්ලිකන් රාජ්‍ය නිලධාරීන් විසින් ගෙන එන ලද මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරමින්, ශාන්ත ලුයිස් හි ඡන්ද මධ්‍යස්ථානවල නිරීක්ෂකයින් යෙදවීමෙන් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට බාධා නොකරන ලෙසට අදාළ විනිසුරුවරිය සිය නියෝගය මගින් වැඩිදුරටත් දැනුම්දුන්නා.

අමෙරිකානු දිස්ත්‍රික් විනිසුරු සාරා පිට්ලික්, හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පත් කළ, පසුගිය කාලයේ සෙනට් ලුවිස් නගරය සහ ඒකාබද්ධ රාජ්‍ය නිතිපාලන දෙපාර්තමේන්තුව අතර තිබූ ගිවිසුමට අනුව, නගරයේ ඡන්ද ප්‍රකාශන ස්ථාන අබාධිත ඇමරිකානු පුරවැසියන්ට අදාළ නීතිවලට අනුකූල ව පවතින බව නැරඹීමට පරීක්ෂකයන්ට ඉඩ තිබෙන බව සඳහන් කළා.

කෙසේවෙතත් ටෙක්සාස් හි මැතිවරණ නිරීක්ෂකයින්ට එම ඡන්ද මධ්‍යස්ථානවල පිටතින් රැඳී සිටිමින් එම ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46