ලෝක පොල් ප්‍රජාවගේ 60 වන සැසිය ශ්‍රී ලංකාවේ දී

2024 වර්ෂයේදී ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වන සැසිවාරය සහ අමාත්‍ය හමුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට යෝජනා වී තිබෙනවා.

ඒ, අනුව පොල් සංවර්ධන අධිකාරිය විසින් උපයන ලද ආදායම් හා පොල් අංශයේ පෞද්ගලික ආයතන කිහිපයක දායකත්වයෙන් එකී සැසිවාරය සහ අමාත්‍ය හමුව මෙම වර්ෂයේ නොවැම්බර් මාසයේ දී කොළඹ දී පැවැත්වීමට කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වුණේ.

3 4