ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාවට උසස් වීමක්

ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ඊයේ (22) දිනයේ දී සිදු කළ නවතම යාවත්කාලීන කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානයට පත් ව තිබෙනවා.

ඒ ටෙස්ට් තරග 25කට ක්‍රීඩා කරමින් ප්‍රසාද ලකුණු 2271ක් ලබා ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ජයග්‍රහණ ලැබීමේ සාමාන්‍ය අගය දැක්වෙන්නේ 91ක් වශයෙන්.

මෙම ලැයිස්තුවේ මුල් තැන සිටි ඉන්දීය කණ්ඩායම ස්ථානයක් පහතට වැටී තිබෙනවා.

ඒ සිය ස්ථානය වත්මන් ලෝක ශූර ඔස්ට්‍රෙලියාවට පිරිනමමින්.

ඔස්ට්‍රෙලියාව ටෙස්ට් තරග 30කට එක් ව ප්‍රසාද ලකුණු 3715ක් ලබා සිටිනවා.

ඉන්දියාව ලබා සිටින්නේ 3498ක් පමණයි.

මෙම ලැයිස්තුවේ තුන්වැනි තැන එංගලන්තයටත් සිව්වැනි තැන දකුණු අප්‍රිකාවටත් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33