spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක ටෙනිස් ශූරියක් සිය ජයග්‍රහණයේ ත්‍යාග මුදලෙන් කොටසක් පලස්තීනයට පිරිනමයි

කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 07 වැනි ස්ථානයේ සිටින ටියුනීසියානු ක්‍රීඩිකා Ons Jabeur ඇයට WTA (Women’s Tennis Association) තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලැබුණු මූල්‍ය ත්‍යාගයෙන් කොටසක් පලස්තීනුවන්ට ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ; මෙම ලෝක ටෙනිස් තරුව මෙක්සිකෝවේ කැන්කුන්හි දී පැවති අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින්, එහි ත්‍යාග මුදල ලබාගත් අවස්ථාවේ දී මාධ්‍යයට අදහස් දක්වමින් සිය තීරණය ප්‍රකාශයට පත් කළ බවයි.

දේශපාලනික අර්බුද හේතුවෙන් අසරණ සිවිල් වැසියන් නිරප‍රාදේ පීඩා විඳින බව පෙන්වා දුන් Ons Jabeur පැවසුවේ, සිය තීරණය දේශපාලනීකරණය කිරීමට හසු නොකරන ලෙසටයි.

අවසන් මහා තරගයේ දී Czech ක්‍රීඩිකා Markéta Vondroušová ව තරග වට 6 -4ක් සහ 6-3ක් ලෙස පරාජයට පත් කරමින් ජබියුර් ශූරතාව දිනාගත්තා.

ජබියුර් මාධ්‍ය හමුවේ දී කඳුලු සලමින් ප්‍රකාශ කළේ ලෝකයේ මේ වනවිට තත්ත්වය ඉතාමත් වේදනාකාරී සිදුවීම් රාශියකට ලක්වෙමින් පවතින බවත්, තම සිතට යම් සැනසුමක් හෝ ඇති කිරීමට නම්, ගාසා තීරයේ යුද්ධයෙන් බැටකන පලස්තීනුවන් වෙනුවෙන් තමන්ට කළ හැකි උපකාරය නොපමාව සිදු කිරීමට තීරණය කළ බවයි.

දරුවන් මෙන් ම ළදරුවන් විශාල වශයෙන් මියයමින් ඇති බවත්, එය තමන්ට දරාගත නොහැක්කක් බව ද ජබියුර් වැඩිදුරටත් කියා සිටියා.

මෙම ජයග්‍රහණය තමන් මනුෂ්‍යත්වය වෙනුවෙන් කළ සටනක් මිසෙක ටෙනිස් ක්‍රීඩාව වෙනුවෙන් කළ සටනක් නොවන බව ද මෙම සුපිරි ක්‍රීඩිකාව සඳහන් කළා.

මේ වනවිට යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 9025කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවත්, 22000කට ආසන්න ප්‍රමාණයක් බරපතළ තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
4
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?