ලෝක ටෙනිස් ශූරියක් සිය ජයග්‍රහණයේ ත්‍යාග මුදලෙන් කොටසක් පලස්තීනයට පිරිනමයි

කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 07 වැනි ස්ථානයේ සිටින ටියුනීසියානු ක්‍රීඩිකා Ons Jabeur ඇයට WTA (Women’s Tennis Association) තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලැබුණු මූල්‍ය ත්‍යාගයෙන් කොටසක් පලස්තීනුවන්ට ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ; මෙම ලෝක ටෙනිස් තරුව මෙක්සිකෝවේ කැන්කුන්හි දී පැවති අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින්, එහි ත්‍යාග මුදල ලබාගත් අවස්ථාවේ දී මාධ්‍යයට අදහස් දක්වමින් සිය තීරණය ප්‍රකාශයට පත් කළ බවයි.

දේශපාලනික අර්බුද හේතුවෙන් අසරණ සිවිල් වැසියන් නිරප‍රාදේ පීඩා විඳින බව පෙන්වා දුන් Ons Jabeur පැවසුවේ, සිය තීරණය දේශපාලනීකරණය කිරීමට හසු නොකරන ලෙසටයි.

අවසන් මහා තරගයේ දී Czech ක්‍රීඩිකා Markéta Vondroušová ව තරග වට 6 -4ක් සහ 6-3ක් ලෙස පරාජයට පත් කරමින් ජබියුර් ශූරතාව දිනාගත්තා.

ජබියුර් මාධ්‍ය හමුවේ දී කඳුලු සලමින් ප්‍රකාශ කළේ ලෝකයේ මේ වනවිට තත්ත්වය ඉතාමත් වේදනාකාරී සිදුවීම් රාශියකට ලක්වෙමින් පවතින බවත්, තම සිතට යම් සැනසුමක් හෝ ඇති කිරීමට නම්, ගාසා තීරයේ යුද්ධයෙන් බැටකන පලස්තීනුවන් වෙනුවෙන් තමන්ට කළ හැකි උපකාරය නොපමාව සිදු කිරීමට තීරණය කළ බවයි.

දරුවන් මෙන් ම ළදරුවන් විශාල වශයෙන් මියයමින් ඇති බවත්, එය තමන්ට දරාගත නොහැක්කක් බව ද ජබියුර් වැඩිදුරටත් කියා සිටියා.

මෙම ජයග්‍රහණය තමන් මනුෂ්‍යත්වය වෙනුවෙන් කළ සටනක් මිසෙක ටෙනිස් ක්‍රීඩාව වෙනුවෙන් කළ සටනක් නොවන බව ද මෙම සුපිරි ක්‍රීඩිකාව සඳහන් කළා.

මේ වනවිට යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 9025කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවත්, 22000කට ආසන්න ප්‍රමාණයක් බරපතළ තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25