ලෝක ගුරු දිනය වෙනුවෙන් ජනපති තැබූ සටහන

අදට යෙදී ඇති ලෝක ගුරු දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණි.

එහි දැක්වෙන්නේ, “ගුරුවරයා යනු සුපැහැදිලි අනාගතයක් උදෙසා දරුවාට මඟ පෙන්වන්නා ය. දෙමව්පිය ඇසුරෙන් පසු ගුරු ඇසුරට පත් වන දරුවා හික්මවමින් ගුණවත්, විනයගරුක හා දැනුමින් සපිරි දරුවකු බවට පරිවර්තනය කර සමාජගත කරන්නේ ගුරුවරයා ය. එවැනි අභිමානවත් හා ගෞරවනීය වෘත්තියක නියැලෙන ඔබ සැමට සුබ ගුරු දිනයක් වේවා යි අද දින මාගේ සුභාශිංසන එක් කරන අතර ම තවත් සුවහසක් දරු පිරිසක් දැනුමින්, නුවණින් හා විනයෙන් පෝෂණය කිරීමට හැකි වේවා යි මම ප්‍රාර්ථනා කරමි.” යනුවෙනි.

යුනෙස්කෝ සංවිධානය ලෝක ගුරු දිනය ප්‍රකාශයට පත් කළේ 1994 වර්ෂයේ ඔක්තෝබර් මස 5 වනදාය.

ලෝක ගුරු දිනයට සමගාමීව ශ්‍රී ලංකාව ගුරු දිනය සමරනු ලබන්නේ හෙට දිනයේදීය.

image 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ - ඒ කාලේ නම් පුතේ යකඩත් වික්කා
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52