ලෝක කුසලාන සාපයට තිත තබන්නට පෙර දකුණු අප්‍රිකානුවන් ආ අඳුරු ගමන

ලොව තෙවන පැරණිම ක්‍රිකට් කණ්ඩායම ලෙසින් සැලකෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන සාපයට තිත තබන්නට ටෙම්බා බවුමා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට අද (14) හැකියාව ලැබුණා.

වසර 136ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයකට උරුමකම් කියන දකුණු අප්‍රිකානුවන් ටෙස්ට් ලෝක ශූරතාවයකින් ම ලෝක කුසලාන ඉඩෝරයට තිත තබන්නට හැකිවීම විශේෂත්වයක්.

ලෝක කුසලානයේ පෙනී පෙනී ලෝක කුසලාන තරගවලියේ තුළින් ඉවතට විසිවන එකම කණ්ඩායම බවට දකුණු අප්‍රිකානුවන් ක්‍රිකට් ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව සිටියා.

ඒ අනුව දකුණු අප්‍රිකාව එක්දින ලෝක කුසලාන තරගාවලි පහක් තුළ අවසන් පූර්ව වටය දක්වා පැමිණ අවසන් මහා තරගය අවාසනාවන්ත ලෙස අහිමි වූ කණ්ඩායමක් වන අතර, විස්සයි විස්ස තරග ඉතිහාසයේ ද අවස්ථා දෙකක දී ඔවුන් අවසන් පූර්ව වටය දක්වා පැමිණ තිබෙනවා.

එහිදී අවසන්වරට 2024 වසරේ දී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඔවුන් ඉන්දියාව හමුවේ පරාජය වී පළමු වරට ලෝක කුසලානයක පහස විඳීමට තිබූ අවස්ථාව අවාසනාවන්ත ලෙස අහිමිකර ගත්තා.

ඒ, අනුව දකුණු අප්‍රිකාව සමස්තයක් ලෙස ආකෘති ත්‍රිත්වයෙන්ම ලෝක කුසලාන අවසන් මහා තරගයක්, අවසන් පූර්ව තරග 07ක් සහ අර්ධ අවසන් පූර්ව තරග 02ක් ක්‍රීඩාකළ කණ්ඩායමක්.

කෙසේ වෙතත් එම ලෝක කුසලාන පරාජයේ ඉඩෝරයට තිත තැබූ දකුණු අප්‍රිකානුවන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වත්මන් රජුන් ලෙස අද කිරුළු පැළඳුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34