ලෝක කුසලාන සංචිතයෙන් වෙල්ලාලගේ 20-20 තරග බිමට (වීඩියෝ)

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (09) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය වනිඳු හසරංග හිමව ඇති අතර උප නායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙනවා.

මේ අතර මෙතෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගක් හෝ ක්‍රීඩා කර නොමැති යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට මෙවර ලෝක කුසලාන සංචිතයේ ඉඩක් හිමිව තිබීම විශේෂත්වයක්.

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහේෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, ඩිල්ෂාන් මධුශංක, දුෂ්මත චමීර මෙවර ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයයි.

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය ජුනි 01 වනදා සිට 29 වනදා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වෙනවා.

මේ අතර මෙවර ලෝක කුසලාන සංචිතය නම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විශේෂ වීඩියෝවක් ද නිර්මාණය කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22