spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක කුසලාන සංචිතයෙන් වෙල්ලාලගේ 20-20 තරග බිමට (වීඩියෝ)

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (09) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය වනිඳු හසරංග හිමව ඇති අතර උප නායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙනවා.

මේ අතර මෙතෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගක් හෝ ක්‍රීඩා කර නොමැති යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට මෙවර ලෝක කුසලාන සංචිතයේ ඉඩක් හිමිව තිබීම විශේෂත්වයක්.

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහේෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, ඩිල්ෂාන් මධුශංක, දුෂ්මත චමීර මෙවර ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයයි.

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය ජුනි 01 වනදා සිට 29 වනදා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වෙනවා.

මේ අතර මෙවර ලෝක කුසලාන සංචිතය නම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විශේෂ වීඩියෝවක් ද නිර්මාණය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?