ලෝක කුසලාන මාවතෙන් නවසීලන්තය වැස්සෙන් ම සේදී යන ලකුණු

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ C කාණ්ඩය යටතේ දෙපිළ ම මුහුණදෙන අවසන් මූලික වටයේ තවත් තරගයක් අද (17) පැවැත්වීමට නියමිත ව තිබුණ ද, Tarouba වෙත ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම මේ වනවිට ප්‍රමාද වී තිබෙනවා.

ඒ නවසීලන්තය සහ පැපුවා නිව්ගිනියාව අතර යි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ 39 වැනි තරගය ලෙසටයි මෙය පැවැත්වීමට නියමිත ව ඇත්තේ.

නවසීලන්ත කණ්ඩායම ද මෙවර තරගාවලියේ දී අසාර්ථක වී සිටිනවා.

මුහුණ දුන් තරග 03න් දෙකක් ම පරාජයට පත් ව සිටින නවසීලන්ත කණ්ඩායම මෙම තරගය ජය ගත්ත ද, එය විශාල සාමාන්‍යයකින් (ලකුණු පරතරයකින්) ජයගත යුතු ව ඇතැත් එය අසීරු ඉලක්කයක් බවයි ක්‍රිකට් විචාරකයින් මත පළ කර ඇත්තේ.

එබැවින් මෙම තරගය නවසීලන්තය ජය ගත්ත ද එය ඔවුන්ට සුපිරි 08 දෙනාගේ තරග වටයට යාමට තරම් සුදුසුකමක් වන්නේ නැහැ.

පැපුවා නිව් ගිනියා කණ්ඩායම සී කාණ්ඩයෙන් මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ද ඇත්තේ අවසන් ස්ථානයේයි.

ඒ පැවති තරග තුනෙන් ම පරාජයට පත්වීමෙන්.

කෙසේ හෝ අද තරගය දෙපිළට ම ජය ගැනීම වැදගත් වනවා.

ඒ ප්‍රබල කණ්ඩායමක් පරාජය කිරීමේ ගෞරවය හෝ පැපුවා නිව්ගිනියාවට ලබා ගැනීමටත්, ලෝකයේ ප්‍රබල ක්‍රිකට් කණ්ඩායමක් ලෙස සැලකෙන නවසීලන්ත කණ්ඩායමට මෙවර ජයග්‍රාහී ලකුණු එකක් හෝ තව එක් කරගැනීමත් වැදගත් වීම නිසාවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12