ලෝක කුසලාන තරග කාලසටහන වෙනස් කරන ලෙස කළ ඉල්ලීමට BCCI යෙන් දැඩි පිළිතුරක්

ආරක්ෂක හේතූන් මත එක්දින ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහනේ වෙනසක් සිදුකරන ලෙස හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමය විසින් කර තිබූ ඉල්ලීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වනවිට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති රජීව් ශුක්ලා සඳහන් කරන්නේ කාලසටහනේ තවත් වෙනස් කිරීමක් සිදුකළ නොහැකි බවයි.

එක්දින ලෝක කුසලාන තරගාවලියේ නිල තරග කාල සටහන ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මේ දකවා කාලය තුළ කාලසටහනේ සැලසුම්කර තිබූ තරඟ නවයක් යළි සැලසුම් කිරීමට සිදු වුණා.

ඒ, විවිධ පාර්ශ්වයන් සහ ඉන්දීය ප්‍රාන්ත ක්‍රිකට් සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීම්වලට අනුවයි.

එවන් පසුබිමක් තුළ හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමය එළෙඹෙන ඔක්තෝම්බර් 09 සහ 10 යන දෙදින තුළ පැවැත්වෙන තරග වෙනස් කරන ලෙසට ඊයේ ඉල්ලීමක් කරනු ලැබුවා.

ඒ, එක ළඟ තරග දෙකක් පැවැත්වීම තුළ ආරක්ෂාව සැපයීම සම්බන්ධයන් ගැටළුවක් පැන නඟින බවට හයිද්‍රාබාද් පොලිසිය දැනුම්දීමත් සමඟයි.

මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ක්‍රිකට් උප සභාපතිවරයා නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එයට බහු
පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය අවශ්‍ය වන බැවින් තරග කාලසටහනේ වැඩිදුර වෙනස්කම් සිදුනොවන බවයි.

“මම ලෝක කුසලාන තරඟාවලිය සඳහා හයිද්‍රාබාද් පැවැත්වෙන ස්ථානය භාරව සිටිනවා. කිසියම් ප්‍රශ්නයක් හෝ යමක් ඇත්නම්, එය විසඳා ගැනීමට උත්සාහ කරනවා. ලෝක කුසලාන කාලසටහන වෙනස් කිරීම පහසු නෑ, එය සිදුවීමට ඉඩක් ද නෑ. කාලසටහන වෙනස් කළ නොහැක්කේ BCCI පමණයි. ඒ කණ්ඩායම්, ICCය සහ සියල්ල සම්බන්ධවයි” යනුවෙන් උප සභාපති රජීව් ශුක්ලා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර තරගයක් සඳහා, හයිද්‍රාබාද් පොලිසිය 2000-2500 අතර පොලිස් නිලධාරීන් පිරිසක් යෙදවිමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත් අලෙවිය තවත් දින 04කින් එනම් අගෝස්තු 25 වනදා ආරම්භ කිරීමට ද නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29